
වෙනිසියුලාවට ඔබ්බෙන් කැරිබියානු මුහුදේ බෝට්ටු කිපයකට ඇමෙරිකන් නාවික හමුදාව ඊයේ (4) පහර දුන්නේය.
ඇමෙරිකන් නාවික හමුදාව ප්‍රකාශ කළේ, වෙනිසියුලාවේ සිට ආ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබුණු එම බෝට්ටු තම ප්‍රහාරයෙන් මුළුමනින්ම විනාශ වුණු බවය. ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බව ද වාර්තා වේ.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදාව, කැරිබියානු මුහුදේ වෙනිසියුලාවට අයත් බෝට්ටුවලට පහර දෙන්නේ පසුගිය සැප්තැම්බරයේ සිටය. ඒ වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ රජය, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහාය දක්වන බවට චෝදනා නගමිනි.

