කාන්තාවන්ට ඔසප් නිවාඩු


ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත රජය, විධිමත් රැකියාවල නියුතු වැඩකරන සියලු කාන්තාවන්ට වැටුප් සහිත ඔසප් නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව එරට මෙවැනි නිවාඩුවක් ලබාදෙන පළමු ප්‍රාන්තය බවට පත්වන්නේ ද කර්ණාටක ප්‍රාන්තය වීම විශේෂයකි.

රජයේ සහ පෞද්ගලික සමාගම්වල සේවය කරන වයස අවුරුදු 18-52ත් අතර කාන්තාවන්ට සෑම මසකම එක් දිනක් ඔසප් නිවාඩු ලබා ගත හැකි අතර නිවාඩු ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතිකයක් අවශ්‍ය නොවන බව සඳහන් වෙයි.

රැකියාවල නිරත කර්ණාටක ප්‍රාන්තයේ කාන්තාවන් 350,000 - 400,000ත් අතර ප්‍රමාණයක් ආවරණය වන බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම ඔසප් නිවාඩු සංකල්පය ස්පාඤ්ඤය, ජපානය, දකුණු කොරියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලද ක්‍රියාත්මක වෙයි.