
ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇත්තනි ඇල්බනීස්ගේ විවාහ මංගල උත්සවය එරට කැන්බරා අගනුවරදී පැවැත්විණි. ඒ අනුව, ධුරය හොබවමින් සිටියදී විවාහ වූ ඕස්ට්‍රේලියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වන්නේ ඇල්බනීස්ය.
62 හැවිරිදි ඇල්බනිස්ගේ අත ගත්තේ 47 හැවිරිදි ජෝඩී හෙයිඩන්ය. දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය වැලන්ටයින් දිනය දා සිදුවුණු බව ද පැවැසෙයි.
දෙදෙනා එකිනෙකා හමුවී දැන හඳුනාගෙන ඇත්තේ 2002 වසරේ දී මෙල්බන් නුවර රාත්‍රී භෝජන සංග්‍රහයකදීය. ඒ වනවිට ඇල්බනීස් විපක්ෂ නායකයා ලෙස කටයුතු කරමින් සිටියේය.

