
සෑම ඔස්ට්‍රේලියානුවන් 7 දෙනකුගෙන් එක් අයකුට ගිනි අවියක් ඇතැයි ඕස්ට්‍රේලියා රජය පවසයි. ඒ ගිනි අවි සම්බන්දයෙන් කළ සමීක්ෂණයකින් අනතුරුවය.
පවතින දත්ත අනුව එරට තුළ පුද්ගලික අංශය සතු ලියාපදිංචි ගිනිඅවි සංඛ්‍යාව මිලියන හතරකට වඩා වැඩි බවටයි අනාවරණය වී ඇත. මෙය මීට වසර 20කට පෙර තිබූ ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්න අගයක් බව ඔස්ට්‍රේලියාවේ තුවක්කු භාවිතයේ සංකීර්ණ බව පෙන්වමින් නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
විශේෂ කරුණක් වන්නේ, තුවක්කු හිමියන් සංඛ්‍යාව අඩු වුව ද, එක් පුද්ගලයෙකු සතුව පවතින තුවක්කු සංඛ්‍යාව වැඩි වී තිබීමය. දැනට එක් බලපත්‍රලාභියකු සතුව සාමාන්‍යයෙන් තුවක්කු 4 කට වඩා පවතී.
ලියාපදිංචි තුවක්කු වැඩිපුරම ඇත්තේ ක්වීන්ස්ලන්තයේ වන අතර, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ඊළඟ ස්ථානයට වැඩිම අවි ලියාපදිංචි වී තිබේ. සාපේක්ෂව එක් පුද්ගලයකුට වැඩිම තුවක්කු සංඛ්‍යාවක් පවතින්නේ ටස්මේනියාවේ සහ උතුරු ප්‍රදේශයේය.
අලුත් සොයාගැනීම් තුවක්කු පවතින්නේ ගම්බද වැසියන් සතුව පමණක් යන මතය මෙම වාර්තාවෙන් බැහැර තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෑම තුවක්කු 3 කින් එකක්ම ඇත්තේ ප්‍රධාන නගරවලය.
මෙම වාර්තා පිළිබඳ කතාබහට ලක්වන්නේ පසුගිය ඉරිදා සිදුවූ බොන්ඩයි ප්‍රහාරයෙන් පසු එරට ගිනිඅවි ගීනි දැඩි කිරීමට රජය ගත් තීරණයත් සමඟය.

