ඔස්ට්‍රියාවේ හිජාබ් තහනමක්


ඔස්ට්‍රියානු රජය එරට පාසල්වල වයස අවුරුදු 14 ට අඩු දැරියන් සඳහා හිස් වැසුම් (බුර්කා) පැළඳීම තහනම් කරන නව නීතියක් සම්මත කරගෙන තිබේ.

මෙම නීතිය රාජ්‍ය සහ පෞද්ගලික පාසල් යන දෙකටම අදාළ බව පැවැසෙයි.

මෙම නව නීතිය මගින් වයස අවුරුදු 14 ට අඩු ගැහැනු ළමයින්ට හිජාබ් හෝ බුර්කා වැනි සාම්ප්‍රදායික මුස්ලිම් හිස් වැසුම් පැළඳීම තහනම් වන බව ද පැවැසෙයි.

මෙම තහනම උල්ලංඝනය කරන සිසුවියන් පාසල් බලධාරීන් සහ ඔවුන්ගේ නීතිමය භාරකරුවන් සමඟ සාකච්ඡා කිහිපයකට මුහුණ දිය යුතු අතර, නැවත නැවත උල්ලංඝනය කිරීම් සිදුවුවහොත් ළමා හා යොවුන් සුබසාධන ඒජන්සිය දැනුවත් කළ යුතු වෙයි.

පවුල්වලට හෝ භාරකරුවන්ට යුරෝ 800 ක් දක්වා දඩ නියම කළ හැකි බව ද පැවැසෙයි.

මෙම තහනම දරුවන් 12,000 ක් පමණ වෙත බලපානු ඇතැයි ලිබරල් නියෝස් පක්ෂයේ පාර්ලිමේන්තු නායක යානික් ෂෙට්ටි මාධ්‍ය හමුවේ පවසා ඇත.

ඔස්ට්‍රියා විපක්ෂයේ ග්‍රීන් පක්ෂය මෙම නව නීතිය පැහැදිලිවම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කර තිබේ.