- ඔබාමා එයාගේ සෙල්ලම් ගුවන් යානාව ආපසු දෙන්නැයි බැගෑපත් වෙනවා” යැයි ඉරානයේ ෆාස් ප‍්‍රවෘත්ති නියෝජිතායතනය පැවසීය.
- ඇමෙරිකාව තවත් ලජ්ජා නැතිව මේ වගේ ඉල්ලීම් කරනවානේ. ඉරානයේ ඔත්තු බලන්න යානයක් එවල දැන් ඒක ආපහු ඉල්ලනවා.” යැයි එම ප‍්‍රවෘත්ති ඒජන්සිය තව දුරටත් කීවේය.
ඔබාමාගේ ඉල්ලීම ඉරානය ප‍්‍රතික්ෂේප කරයි
ඉරාන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළුවී ඔත්තු බලමින් සිටියදී ඉරාන ආරක්‍ෂක හමුදා විසින් බිම හෙළණු ලැබූ ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානය ආපසු දෙන්නැයි. ඇමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා කළ ඉල්ලීම ඉරානය ප‍්‍රතික්‍ෂේප කර ඇත.
ඇමෙරිකාවට අයත් ඩ්‍රොන යානය ආපසු තම රටට දෙන්නැයි ජනපති ඔබාමා නොබෝදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේය. එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට ඇමෙරිකාවට ගොස් සිටින ඉරාක අගමැතිද සහභාගී වීය.
යානය යළිත් ඇමෙරිකාවට ඉල්ලා සිටීම සිනහවකට කරුණක් යැයි ඉරාන මාධ්‍ය කියා සිටී.

