ඔබට බිරියන් කී දෙනක් ඉන්නවාද? ට්‍රම්ප් සිරියානු ජනාධිපතිගෙන් අහලා


සිරියානු අන්තර්වාර රජයේ, අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරා පසුගිය දා ධවල මන්දිරයට ගොස් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. ඒ, සිරියාවත්, ඇමෙරිකාවත් අතරේ සුහඳත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින්ය.

අල් ෂාරා සහ ට්‍රම්ප් අතරේ හමුව සැබැවින්ම ඉතා සුහඳ එක්ක විය. ට්‍රම්ප් සිරියානු ජනාධිපතිවරයාට සුවඳ විලවුන් තෑගි කළේය. එසේ තෑගි කරමින් ට්‍රම්ප්, අල් ෂාරා ට පැවැසුවේ, එක සුවඳ විලවුන් වර්ගයක් ඔබේ බිරිඳට කියාය.

අල් ෂාරා, සිනාමුසු මුහුණින් එය පිළිගනිද්දී, ට්‍රම්ප් පෙරළා අල් ෂාරාගෙන් විමසුවේ, ‘ඔබට බිරියන් කී දෙනකු සිටිනවාද?’ යනුවෙනි. ‘එක් කෙනයි. මට ඉන්නේ එක බිරියයි’ යනුවෙන් 43 හැවිරිදි අල් ෂාරා එම අවස්ථාවේ පිළිතුරු දුන් අතර, ‘හොඳයි අපි බලමු’ යැයි ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දැක්වීය.