එයාර් බස් යානා යළි ගුවනට


සූර්ය විකිරණ මඟින් ගුවන් යානා තුළ ඇති පරිගණක පද්ධතිවලට බාධා ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් නීමත් සමඟ එයාර්බස් වර්ගයේ ගුවන් යානා ගුවන්ගත කිරීම තාවකාලිකව නැවැතුණු නමුත්, මේ වනවිට එම ගුවන් යානා යළි ගුවන් කටයුතු ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එයාර්බස් යනු ප්‍රංශය කේන්ද්‍රකොටගත් ගුවන් සේවයකි. එයාර්බස් ගුවන් සේවය පවසා ඇත්තේ, ඔවුන්ගේ ඒ320 වර්ගයේ මගී ගුවන් යානා 6,000 කට පමණ සූර්ය විකිරණ හේතුවෙන් බලපෑම් එල්ල වුණු බවත් මෘදුකාංග යවත්කාලීන කිරීම් කළ යුතු වුණු බවත්ය.

එම යවත්කාලීන කිරීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුවුණු බැවින්, එයාර්බස් ගුවන් යානා කිසිදු බාධාවකින් තොරව යළි ගුවන්ගත වීම ආරම්භ වුණු බවත් පැවැසෙයි.