
එංගලන්තයේ ජීවත් වන සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන් එක් අයකු විදේශයන්හි උපත ලැබූ අය බවට නවතම විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.
මේ බව හෙළිවීමත් සමඟම, එරට වෙසෙන විදේශයන්හි උපන් ජනගහනයේ සත්‍ය ප්‍රමාණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ‘හදිසි සංගණනයක්’ ඉල්ලා තිබෙන බවයි විදෙස් වාර්තා පවසයි.
මෙම වෙනස්වීමට එක් හේතුවක් වන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් රටින් පිටවීම ඉහළ යෑමය. එංගලන්ත ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට 19.6 ක් විදේශවල උපත ලබා තිබෙන බව මෙහිදී හෙළිවී ඇත.
මෙය 2021 වසරේ සංගණනයේ වාර්තා වූ සියයට 16 ට වඩා ඉහළ අගයකි.
2021 සහ 2024 අතර කාලය තුළ බ්‍රිතාන්‍ය නොවන පුරවැසියන්ගේ ශුද්ධ ගලා ඒම මිලියන 2.9 ක් වූ බව අදාළ සංඛ්‍යාලේඛන සංශෝධනය කිරීමෙන් පසු අනාවරණය වී ඇත.

