උසාවිය තායි අගමැති ඉවත් කරයි


තම බලය අයුතු ලෙස පාවිච්චි කළ නිසා අගමැති පදවියෙන් ඉවත් වන ලෙස තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා අධිකරණය තායි අගමැතිනි යිං ලුක් සිනවත්‍රාට හා ඇගේ ඇමැතිවරුනට නියෝග කළේය.

ඇගේ ජාතික ආරක්ෂක ප්‍රධානියා නීතී විරෝධී ලෙස මාරු කළ බව ද අධිකරණය කියා සිටී.

‘අගමැතිගෙ තනතුර අවසන්. ඇයට භාරකාර අගමැති ලෙස ක්‍රියා කළ නොහැකියි.‘ යනුවෙන් නඩු තීන්දුවේ සඳහන් වේ.