උතුරු බුර්කිනෝ ෆාසෝ හි දේවස්ථානයක වෙඩි තැබීමකින් 7 ක් මරුට


උතුරු බුර්කිනෝ ෆාසෝ හි ඩබ්ලෝහි පිහිටි කතෝලික දේවස්ථානයකට කඩාවැදුණු තුවක්කුකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකින් පූජකයකු සහ එහි පැමිණ සිටි බැතිමත්හු 6ක් ජීවිතක්ෂයට පත්වූහ. 

“උදේ නවයට විතර, පූජාව පටන් අරගෙන තිබුණේ. ආයුධ ගත්තු කට්ටියක් පල්ලියට කඩා වැදුණා” ඩබ්ලෝ නගරයේ නගරාධිපති ඔවුස්මාන් සොන්ගෝ පැවැසීය.

“තුවක්කුකරුවෝ පූජාවට පැමිණ සිටි පිරිසට වෙඩි තැබුවා” යැයි ද ඔහු කීවේය. 

ආරක්ෂක අංශවලට අනුව තුවක්කු රැගත් 20කට 30කට පිරිසක් දේවස්ථානයකට කඩා වැදී එහි සිට බැතිමතුන් අල්ලා ගැනීමට ද උත්සාහ කර ඇත. ඔවුහු බැතිමතුන් පස්දෙනකු ඝාතනය කළහ. 

වෙඩි තැබීමෙන් පසු ඔවුන් පල්ලියටත්, අසල තිබූ සාප්පු කිහිපයකටත් තවත් කුඩා අවන්හලකටත් ගිනි තබා ඇති අතර ඒ ආසන්නයේ තිබූ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ගොස් එහි තිබූ සියල්ල ද කොල්ල කා ඇත.

ඉන් අනතුරුව ඔවුන් එම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන හෙදියගේ මෝටර් රථයට ද ගිනි තබා ඇත.

 

ඒ.එෆ්.පී

055