උතුරු කොරියාවේ රාජ්‍ය නායක කිම් යොං නම් සමුගනී


උතුරු කොරියාවේ නාමික රාජ්‍ය නායකයා ලෙස වසර ගණනක් එම ධුරය දැරූ, පාලක පවුලේ සමීපතම හිතවාදියකු ලෙස ද සැලකුණු, කිම් යොං නම් අභාවප්‍රාප්ත විය. ඔහහුගේ වයස අවුරුදු 97 කි.

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ කිම් යොං නම්, උතුරු කොරියා පාර්ලිමේන්තුව මෙහෙයවූ, එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස ද කටයුතු කළේ මොහුය. කිම් යොං නම් පිළිකා රෝගියකු බව පැවැසෙයි.