උතුරු කොරියාවේ මරණ දඩුවම ඉහළට


උතුරු කොරියාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි

විශේෂයෙන් විදෙස් චිත්‍රපට හා රූපවාහිනී ටෙලි නාට්‍ය නැරඹීම යනාදී සිද්ධීන්වලට අදාළව මරණ දඬුවමට ලක්වන උතුරු කොරියානුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පැහැදිලි කර ඇත.