
ඊජිප්තු විදේශ අමාත්‍ය අදාර් අබ්දෙලැටි නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බලා පැමිණියේය.
ඉන්දියාව සහ ඊජිප්තුව අතරේ, උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් ද්වී පාර්ශ්වික සමුළුවක් පැවැත්වෙයි. ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යවරයා පැමිණෙන්නේ එම සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය.
පසුගිය දා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ඊජිප්තුවේ දී ඊශ්‍රායල හමාස් සාම සමුළුවක් පැවැත්වුණු අතර, සාම ගිවිසුමකට අස්සන් තැබුණි. එම සාම සමුළුවේ මුලසුන හෙබවූයේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ අල් සීසී ය.
ට්‍රම්ප්ගේ මෙම සාම සැලස්මට පූර්ණ සහාය දක්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත. ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ මේ සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.

