
ලොව ප්‍රකට විදුලි මෝටර් රථ නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක්ට ඩොලර් ට්‍රිලියනයකට ආසන්න බවැටුප් පැකේජයක් හිමිවනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අති දැවැන්ත වැටුප් පැකේජය ඉලොන් මස්ට ලබා දීම සඳහා ටෙස්ලා සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය ද හිමිවී ඇත. ඉලෝන් මස්ක් යනු ලොව අංක එකේ බිලියනපතියාය.
අමෙරිකාවේ ඔස්ටින් නුවර පිහිටි ටෙස්ලා සමාගමේ කොටස් හිමියන්ගේ රැස්වීමේදී, මේ සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්වුණු බවත්, එය අවසන් වූයේඉලෝන් මස්ක්ට මෙම ඉහළ වටිනාකමකමින් යුත් වැටුප් පැකේජයක් ලබා දීමට තීරණය කරමින් බවත් ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
මෙම වැටුප් පැකේජයත් සමඟ, මස්ක් අවම වශයෙන් තවත් අවුරුදු හතහමාරක් ටෙස්ලා සමාගමේ රැඳී සිටීම සහිතක කරනු ඇතැයි පැවැසෙයි. එමෙන්ම ටෙස්ලා සමාගම තුළ මස්ක්ගේ හිමිකාරිත්වය සියයට 12 සිට සියයට 25 ඉක්මවා වර්ධනය වනු ඇත.

