ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි


ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරානයේ ප්‍රමුඛතම සන්නද්ධ අණදෙන නිලධාරියකු වන කසීම් සුලෙයිමානී මරුමුවට පත්වීමත් සමඟ යුරෝපයේ කොටස් වෙළෙඳපොළවල් රැසක් පහළ ගියේය


ලන්ඩනයේ ප්‍රධානතම දර්ශකයක් වන ‘එෆ්.ටී.එස්.ඊ. 100’ දර්ශකය 0.3% කින් ඒකක 7,578.79 ක් දක්වා පහත වැටිණි.

 
යුරෝපා කලාපයේ ෆ්‍රෑන්ක්ෆර්ට්හි ඩී.ඒ.එක්ස් 30 දර්ශකය 0.9% කින් ඒකක 13,267.38ක් දක්වා පහත වැටුණු අතර පැරිසියේ සී.ඒ.සී. 40 දර්ශකය  0.6% කින් ඒකක 6,014.18ක් දක්වා පහළ ගියේය.  


අලුත් අවුරුදු උදාවත් සමඟ ලොව කොටස් වෙළෙඳපොළවල් රැසක් වර්ධනයක් පෙන්නුම් කළ නමුත් ඇමෙරිකාවේ ප්‍රහාරයෙන් ඉරානයේ ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානි ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඒ සියල්ල අනෙක් පස හැරිණි. 

.එෆ්.පී

055