ගල්ෆ් කලාපයේ තත්ත්වය සමථයකට පත් කරගැනීම සඳහා ඉරාන විදේශ අමාත්‍යවරයාට බ්‍රසල්ස් නුවරට ආරාධනා කළ බව යුරෝපා සංගමය අද (5) සඳහන් කළේය.
ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානී මරුමුවට පත්වීමත් සමඟ ගල්ෆ් කලාපයේ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබේ.
යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානියා වන ජෝසප් බොරෙල් දුරකතන ඇමතුමක් දෙමින් ඉරාන විදේශ අමාත්‍ය මොහොමද් ජවාද් සරීෆ්ට එම ආරාධනය කර ඇත.
ඒ.එෆ්.පී.
055

