
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගත කළ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මියගිය බවට පළ වන වාර්තා අසත්‍ය බවත්, ඔහු අඩියාලා බන්ධනාගාරයේ සිටින බවත් පාකිස්තාන රජය තහවුරු කර ඇත.
තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ නිර්මාතෘ මෙන්ම එම පක්ෂයේ නාකයා ද වන ඉම්රාන් ඛාන් ට බන්ධනාගාරයේ දී අවශ්‍ය වෛද්‍ය පහසුකම් පවා නොඅඩුව ලැබෙන බවත් ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත් පාකිස්තාන රජය වෙනුවෙන් එරට ආරක්ෂක අමාත්‍ය ඛාවාජා ආසිෆ් පැහැදිලි කර ඇත.
විශ්වාසභංගයකින් ඉම්රාන්ට බලය අහිමිවූයේ 2022 වසරේදීය. දූෂණ චෝදනා අල්ලස් චෝදනා ඇතුළු චෝදනා රැසක් ඉම්රාන්ට එල්ල වුණු අතර ඊට වරදකරු වීමෙන් 73 හැවිරිදි ඉම්රාන් 2023 වසරේ සිට බන්ධනාගාරගතව සිටී.

