
ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් චීන සංචාරකයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 8 ක් යැයි පැවැසෙයි.
වෑන් රථය එහි රියදුරුට පාලන කර ගැනීමට නොහැකිව පෙරළි යෑමෙන් අනතුර සිදුව ඇති බව එරට පොලිසිය පවසයි.
වෑන් රථයේ රියදුරා තුවාල ලබා දිවි ගලවා ගත් බවත්, අනතුර සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි.

