ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්


ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක් හටගත්ත්ය. එම ගින්නෙන් වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටි පුද්ගලයන් 16 දෙනකු මියගිය බව පැවැසෙයි. මෙම පිරිස ගින්නට කොටු වූයේ පිටතට යෑමට නොහැකි වී වැඩිහිටි නිවසේ සිරවීමෙනි.

ගින්න හටගත්තේ, මැන්ඩෝ නගරයේ වැඩිහිටි නිවාසයක යැයි ද පැවැසෙයි. ගින්නට හසුවීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 3 කි. ගින්න හටගත්තේ ඊයේ (29) රාත්‍රියේය.

ගිනි නිවන භටයන් වහා පැමිණ ගින්න නිවා දැමීමටත්, සිරවුණු පිරිස් මුදා ගැනීමටත් යුහුසුළු වූ බව පැවැසෙයි.

ගිනි නිවන භටයන්ට 12 දෙනකු ආරක්ෂිතව පිටකට ගැනීමට හැකිවුණු බව ද පැවැසෙයි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ.