
ඉන්දුනීසියාවට ද මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ එරට සුමාත්‍රා දූපතේ හටගත් ජල ගැලීම්වලින් මියගිය ගණන මේවනවිට 330 පසු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දුනීසියාවට මහ වැසි ඇද හැලීම ආරම්භ වූයේ සුළි කුණාටු හේතුවෙනි. නායයෑම් ද පලාත් රැසකින් වාර්තා වේ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීමේ කටයුතු මන්දගාමීව සිදුවන බව ද පැවැසෙයි.
සහන සේවකයන් පවසන්නේ 150 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමේ අවධානමක් ඇති බවත්ය. හදිසි ජල ගැලීම්වලින් වැඩිපුරම පීඩාවට ලක් වුණු බව පැවැසෙන්නේ සුමාත්‍රා දූපතේ ආගම් දිස්ත්‍රික්කයේ වැසියන් යැයි ද පැවැසෙයි.

