
පිටසක්වළ ජීවය පිළිබඳ සාක්ෂි සෙවීමේ අරමුණින්, ඉන්දියාව සහ ජපානය එක් වී, විශ්වය ගවේෂණයට නව තාරකා විද්‍යා දුරේක්ෂයක් ඉදි කිරීමට සූදානම් වෙයි. මෙය අති දැවැන්ත දුරේක්ෂයකි. මේ දුරේක්ෂය නම් කෙරෙන්නේ, මීටර් තිහේ දුරේක්ෂය (Thirty Metre Telescope - TMT) යනුවෙනි.
මෙම නව දුරේක්ෂය, මීටර් 30ක දැවැන්ත ප්‍රාථමික දර්පණයකින් සමන්විත වනු ඇත. මෙම TMT දුරේක්ෂ ව්‍යාපෘතිය ඉන්දියාව, ජපානය පමණක් නොව, ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල දෙකක් සම්බන්ධ වන ජාත්‍යන්තර හවුල්කාරිත්වයකි. විශ්වය ගැඹුරු ලෙස ගවේෂණය කරමින්, කළු කුහර, දුරස්ථ මන්දාකිණි අධ්‍යයනය කරමින් පෘථිවියෙන් එපිට ජීවය ඇතිදැයි සෙවීම මීටර් තිහේ දුරේක්ෂයේ අරමුණ වනු ඇත.

