
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පසුගිය අගෝස්තු මාසයේදී පැවති හමුවෙන් පසු ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය තහවුරු කරමින්, ඉන්දියාවේ සහ චීනයේ විදේශ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බෙයිජීං අගනුවරදී නව උපදේශන වටයක් පවත්වා ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ ඒකාබද්ධ ලේකම් සහ චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම උපදේශන සාකච්ඡා වටය සඳහා සහභාගී වූ බව පැවැසෙයි.
චීන-ඉන්දියානු සබඳතාවල මෑත කාලීන ධනාත්මක ප්‍රගතිය දෙපාර්ශ්වයම තහවුරු කළ අතර අගෝස්තු මාසයේදී ටියැන්ජින් නුවරදී පැවති ඔවුන්ගේ හමුවේදී මෝදි සහ ෂී ජින්පින් අතර ඇති කරගත් වැදගත් පොදු අවබෝධතා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ කැපවීම ප්‍රකාශ කළ බව සඳහන් වෙයි.

