
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මොස්කව් නුවරට ගිය අවස්ථාවේදීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරැයුමකට අනුව, රුසියන් ජනාධිපති පුටින් ඉන්දියාවට පැමිණීමට නියමිතය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා රුසියාවට ගියේ එම කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමේ අරමුණින් යැයි පැවැසෙයි.
ත්‍රස්තවාදයට එරෙහිව රුසියාව සැමවිටම නැගී සිටින බවත්, ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට රුසියාවේ සහාය නොඅඩුව ලැබෙන බවත්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට රුසියන් ජනාධිපතිවරයා සහතිකයක් ද ලබා දුන්නේය.

