ඉන්දීය අගමැති මෝදි දින දෙකක් ඊශ්‍රායලයේ


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (25) ඊශ්‍රායලයට පැමිණෙයි.

මෝදි පැමිණෙන තුරු මඟ බලා සිටි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. 

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව ඇමතීමට ද අග්‍රාමාත්‍ය මෝදිට ඇරැයුම් ලැබී ඇත. ඒ අනුව ඉන්දීය රාජ්‍ය නායකයකු ඊශ්‍රායල පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව මෙයයි.