ඉන්දියාවේ ගල් අඟුරු පතලක 15 ක් සිරවෙති


වයඹදිග ඉන්දියාවේ මෙගාලයා ප‍්‍රාන්තයේ ෂිලෙංග් නුවර රොංගාසා ආවේ නමැති ගම්මානයේ පිහිටි ගල් අගුරු පතලක් පස්වලින් සහ ජලයෙන් වැසී යාමත් සමඟ පතල් සේවකයෝ 15 දෙනෙක් ඒ තුළ සිරවූහ. බලධාරීන් පවසන්නේ පතලේ සිරවූවන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. කෙසේ නමුත් ඔවුන් සොයා සහන සේවකයන් සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.