ඉන්දියාව දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි


න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි ආකාරයේ දිගුදුර මිසයිලය පෙරේදා (15) සාර්ථකව අත්හදා බැලූවේය.
අත්හදා බැලීම සිදුකෙරෙැණේ ඔරිස්සා ප‍්‍රාන්තයට නුදුරින් පිහිටි ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීය. බුබනේෂ්වෝර් නමැති මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කුඩා දුපතකය.
අත්හදා බැලීම පෙරේදා උදෑසන 8.50 ට සිදුවුණු බවත්, බලපොරොත්තු වූ ඉලක්කය වෙත සාර්ථකව යෑමට ඊට හැකිවුණු බවත් ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය කියා සිටී.
‘අග්නි 5’ මිසයිලය මීට පෙර, ඉකුත් අපේ‍්‍රල් මාසයේදීද අත්හදා බැලීමකට ලක් කළේ යැයි ඉන්දීය පුවත් සේවා මතක් කරදෙයි.