ඉන්දියා කැනඩා වෙළෙඳ ගිවිසුමක්


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතරේ පැවැති සාකච්ඡාවලින් පසු ඉන්දියාවත් කැනඩාවත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක් සඳහා එකඟතාවක් ඇති කරගැනීම සිදුවිය.

රාජ්‍ය නායකන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වූයේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීවය. ඉන්දියාව සහ කැනඩාව අතරේ වෙළෙඳ ගනුදෙනු ඇණහිටියේ වසර දෙකකට පෙර දෙරට අතර හටගත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතුවෙනි.

නව වෙළෙඳ ගිවිසුම අනුව 2030 වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 50 දක්වා දෙගුණ කිරීම අරමුණු කරගත් ඉහළ අභිලාෂකාමී විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට නායකයන් එකඟ වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.