
ජෝර්දානයේ දෙදින නිල සංචාරය අවසන් කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉතියෝපියාව බලා ගියේය. ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවරට පැමිණි මෝදිට ඉතියෝපියා රජයෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ඉතියෝපියාව අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. ඉතියෝපියා අග්‍රාමාත්‍ය ඇබෙයි අහ්මද් අලී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේ දෙරටටම වාසිදායක ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ද්වී පාර්ශ්වික සබඳ.ා ශක්තිමත් කර ගැනුණි.
ඉතියෝපියාවේ සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය මෝදිට පිරි නැමීමට ද අග්‍රාමාත්‍ය ඇබෙයි අහ්මද් අලී කටයුතු කළේය. මෝදි එම සම්මානය බාර ගත්තේ, එය තමන්ට විහාල ගෞරවයක් බව පවසමිනි. මෙම සම්මානය, ‘නිෂාන් ඔෆ් ඉතියෝපියාව’ ලෙස හැඳින්වෙයි.
ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට පෙර, ඉතියෝපියා ජනාධිපති මන්දිරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමක් හිමිවිය. ඉන්දියාව ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනේ දී ඉතියෝපියාවේ සහාය හිමිවෙයි. ඒ සම්බන්ධයෙන් ද ඉතියෝපියා අග්‍රාමාත්‍යවරයාට ස්තුති කිරීමට ද මෝදි කටයුතු කළේය.
ඉන්දියාව සහ ඉතියෝපියාව අතරේ මිතුදම් වසර දහස් ගණනක් පැරැණි බවත්, එම මිතුදම් තව තවත් ශක්තිමත් කර ගැනීමට හැකිවුණු බවත් මෝදි මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.
අප්‍රිකා සංගමයේ මුලස්ථානය පිහිටා ඇත්තේ ඉතියෝපියාවේය. අග්‍රාමාත්‍ය මෝදි, අප්‍රිකා සංගමයේ මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

