ඉතාලියේ මෝටර් රථ අනතුරකින් හය දෙනෙකු මරුට


ඉතාලියේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේදී මෝටර් රථ අනතුරකින් ජර්මානු සංචාරකයන් හය දෙනෙකු මියගොස් 11දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

දකුණු දිග ටයිරෝල් හි ජනප්‍රිය හිම ක්‍රීඩා ගමනාන්තයක් වන ලුටාච්හි දී මෙම අනතුර සිදුව ඇත.

මෝටර් රථය පදවා ඇත්තේ බීමත් රියදුරෙකු විසින් බවට පොලිසිය සැකකරයි.

අනතුරට ලක් වූ කණ්ඩායම රාත්‍රී සමාජ ශාලාවකින් පිටව ගොස් බස් රථයට නැගීමට බලා සිටියදී මෝටර් රථය ඔවුන් වෙත කඩාවැදී තිබේ.

අනතුරින් තුවාල ලබා රෝහල් ගතව සිටින රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු 20  හැවිරිදි වියේ පසුවන්නකු බවත් පොලිසිය පවසයි.

බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනකු ගුවන් මගින් ඔස්ට්‍රියාවේ ඉන්නස්බර්ක්හි රෝහලකට ගෙනගොස් ඇත.

(බීබීසී ඇසුරිණි - 085)