ඉතාලි අගමැතිනියට යෝධයකු හමුවෙලා


මොසැම්බික් ජනාධිපති ඩැනියෙල් චැපෝ සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනී අතරේ හමුවක් පැවැත්විණි. ඒ, චැපෝ ඉතාලියේ නිල සංචාරයකට පැමිණීමත් සමඟය.

චැපෝ සහ මෙලෝනී හමුවී අතට අත දීම මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත්, විදෙස් මාධ්‍ය ඔස්සේත් කාගේත් අවදානයට ලක් වී ඇත. ඊට හේතුව, මොසැම්බික් ජනාධිපතිගේ උස හේතුවෙනි.

48 හැවිරිදි ඩැනියෙල් චැපෝ, අඩි 6 යි අගල් අටක් උසය. ඔහු ඉදිරියේ සිටින ඉතාලි අග්‍රාමාත්‍ය මෙලෝනීගේ උස අඩි 5 යි දෙකකි. දෙදෙනා එක ළඟ සිටිද්දී බයිබල් කතාවල සඳහන්, ඩේවිඩ් සහ ගොලායත් වැනි යැයි දෙදෙනාගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත.

මොසැම්බික් ජනාධිපතිවරයා ඉතාලියට පැමිණියේ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගනිමින්, වාණිජ කටයුතු සහ බලශක්ති කටයුතු සම්බන්ධයෙන් පවතින ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වීමටය. 

මොසැම්බික් රාජ්‍යයට නිදහස ලැබීහෙන් පසු ජනාධිපති ධුරයට පත්වුණු පළමු තැනැත්තා ඩැනියෙල් චැපෝය. ඔහු ජනාධිපති ධුරයට පත් වූයේ සියයට 70 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.