
ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ සිදුවුණු බස් රථ අනතුරකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුර සිදුවූයේ බස් රථය මීටර් 150 ක ගැඹුරු ප්‍රපාතයකට පෙරැළී යෑමෙනි.
බස් රථ අනතුරින් තුවාල ලැබූ ගණන 40 ක් යැයි ද පැවැසෙයි. බස් රථය අනතුරට පත්වූයේ රියදුරාට එය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා යැයි ද පැවැසෙයි. ඒ, බස් රථය සිමියාටග් සහ අම්බාටෝ යන නගර අතර අන්තර් පළාත් මාර්ගයක ධාවනය වෙමින් තිබියදීය.

