ඇෆ්ගන් සෞඛ්‍ය ඇමැති ඉන්දියාවට


ඇෆ්ගනිස්තානයේ මහජන සෞඛ්‍ය අමාත්‍ය නූර් ජලාල් ජලාලි නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය. 

ඇෆ්ගන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි සහ කර්මාන්ත අමාත්‍ය නූරුදීන් අසීසි නවදිල්ලි සංචාරය කිරීමෙන් පසු, පසුගිය මාස තුන තුළ ඇෆ්ගනිස්ථාතෙලේබාන් රජයේ ඉහළ නිලධාරියකුගේ තෙවැනි ඉන්දීය සංචාරය මෙයයි.

ඇෆ්ගන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම සංචාරය පිළිබඳ අදහස් දක්වා ඇත්තේ "ද්විපාර්ශ්වික සෞඛ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම, අත්දැකීම් හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ උත්සාහයන් සම්බන්ධීකරණය කිරීම මෙම බහු දින සංචාරයේ අරමුණ" බවය.

ඇෆ්ගන් සෞඛ්‍ය ඇමතිවරයා ඉන්දීය නිලධාරීන්, විශේෂයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ වෙනම රැස්වීම් පැවැත්වීමට සහ සංවිධානාත්මක වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.