ඇමෙරිකාවේ කුඩා වරායක ගින්නකින් 8 ක් මරුට


ඇමරිකාවේ  ඇලබාමා ප්‍රාන්තයේ කුඩා වරායක නවතා තිබූ යාත්‍රා සමූහයක ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් අට දෙනකු මියගොස් ඇත.

ස්කොට්ස්බොරෝහි ජැක්සන් කවුන්ටි පාර්ක් නම් ස්ථානයේ මෙම ගින්න ඇතිවී තිබේ. බෝට්ටු 35ක් ගින්නෙන් විනාශ වී තිබේ.

සමහර බෝට්ටු ගිලී ගොස් ඇති අතර එවායේ නිදා සිටි පිරිසක් මෙලෙස මරණයට පත්වී ඇත. වතුරට පැන දිවි බේරාගත් හත් දෙනකු රෝහල් ගතකළ බව බලධාරීහු පවසති.

ගින්නට හේතුව පැහැදිලි නොමැති නමුත් ගෑස් ටැංකියක සිදුවූ ගිනි ගැනීමක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි සැකකෙරේ.

(බීබීසී ඇසුරිණි - 085)