
ඇමෙරිකාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ (4) කඩා වැටී පුපුරා යෑමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 11 ක් යැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
ලොව ප්‍රකට යූපීඑස් ඇමෙරිකන් භාණ්ඩ ප්‍රවාහන සේවයට අයත් මෙම ගුවන් යානය අනතුරට පත්වී, පුපුරා ගියේ එයඊයේ (4) සවස ඇමෙරිකාවේ වේලාවෙන්, 5.15 ට පමණය.
යානය අනතුරට පත්වූයේ ඇමෙරිකාවේ කෙන්ටකි ජනපදයේ ලුවිස්විල් නගරයේ මොහොමඩ් අලී ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට උත්සාහ ගනිද්දීය. යානය අනතුරට පත් වී පුපුරා විනාශවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
යානය ගුවන් පථයෙන් මදක් ඉහළට එසවුණු සැණින්, එය කඩා වැටී පුපුරා ගියේය. පිපිරුමෙන්, ධාවන පථය කෙළවර තිබූ ගොඩනැගිලිවලට ද හානි සිදුවිය. තුවාල ලැබූ 11 දෙනා ගුවන් තොටුපොළ සේවකයන් බව පැවැසෙයි. මියගියේ යානයේ සිටි නියමුවා ඇතුළු තිදෙනාය. යානය භාණ්ඩ රැගෙන හොනලූලු බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.
යානය කඩා වැටුණු සැණින් පුපුරා ගියේ එය ඉන්ධනවලින් පිරී තිබුණු නිසා යැයි ද පැවැසෙයි. ඉන්ධන ගැලුම් 38,000 ක් යානයේ තිබුණු බව ද වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
අනතුර සිදුවෙද්දී යානයේ නියමුවන් ද ඇතුළු තිදෙනකු සිටි අතර, එම තිදෙනාම ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

