
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු මුහුණ දුන් අකරතැබ්බ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට චෝදනා කර ඇත.
චෝදනා කරමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ, තමන්ට එරෙහිව කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවුණු බවත් ඒවා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්විය යුතු බවත්ය.
පළමුවෙන් ට්‍රම්ප් සහ බිරිද මෙලානියා, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලට ඇතුළු වී ඉහළ මහලයට යෑමට සූදානම් වෙද්දී, විදුලි පඩිපෙළ හිටිහැටියේ අක්‍රිය විය. ට්‍රම්ප් සහ මෙලානියට පඩි නගිමින් යෑමට සිදුවිය.
ට්‍රම්ප් ලෝක නායකයන් අමතමින් කතා කිරීමට සූදානම් වෙද්දී,
ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්‍ර අක්‍රිය විය. ට්‍රම්ප් ඒ බව අප්‍රසාදය පළ කරමින් සිය කතාව පැවැත්වූයේ ටෙලිප්‍රොම්ප්ටර් සහාය නොමැතිවය. මිනිත්තු 15 කට පමණ පසු ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්‍රය යළි ක්‍රියාත්මක විය.
ඊට අමතරව, ට්‍රම්ප්ගේ කතාවේ පරිවර්තනය රැස්ව සිටි ලෝක නායකයන්ට අසන්න නොලැබුණු බව ද වාර්තා වේ. ට්‍රම්ප් චෝදනා කරන්නේ මේ සියල්ල ඔහුට එරෙහිව සිදුවුණු කඩාකප්පල්කාරී ක්‍රියා බවය. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විමර්ශනයක් ඉල්ලා ඇත්තේ එබැවිනි.

