
ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16 ට අඩු දරුවන්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක විය. ඒ අනුව, අවුරුදු 16 ට අඩු දරුවන්ට ෆේස්බුක්, යූ ටියුබ්, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් විය.
ඕස්ට්‍රේලියා රජය මෙම නව නීතිය ක්‍රියාවට නැංවූයේ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය්‍ය සහ ආරක්ෂාව සැලකිල්ලට ගනිමිනි. ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ මීට මාස කීපයකට පෙරය.
ඒ අනුව, අවුරුදු 16 ට අඩු පරිශීලකයන් ඉවත් කරන්නැයි ෆේස්බුක්, යූ ටියුබ්, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත ඕස්ට්‍රේලියා රජය දැනුම් දීමක් ද කර ඇත. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, එම සමාජ මාධ්‍යවලට ඇමෙරිකන් ඩොලර් මිලියන 33 ක දඩයක් ද නියම වනු ඇතැයි ද වාර්තා වේ.
කුඩා දරුවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් සමාජ මාධ්‍ය තහනමක් ක්‍රියාවට නැංවූ පළමු රට ලෙස ඕස්ට්‍රේලියාව සැලකෙයි. තවත් රටවල් කීපයක් ද මේ අයුරින් ඕස්ට්‍රේලියාව අනුගමනය කරමින්, කුඩා දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරනය තීරණය තැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

