අවුරුදු 150 ක් ජීවත් වෙන්න පෙත්තක්


මිනිස් ආයු කාලය අවුරුදු 150 තෙක් වැඩි කිරීමේ අරමුණින්, චීනය රුසියාව ද සමඟ හවුල් වී නව ඖෂධ නිර්මාණය ආරම්භ කර ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. මේ සඳහා චීනයත් රුසියාවත් ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කරන බව ද පැවැසෙයි.

මෙම නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ඒ, රුසියන් ජනාධිපති පුටින්, මීට මාස කීපයකට පෙර, චීනයේ පැවැති ෂැංග්හායි සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය.

මිනිස් ආයු කාලය අවුරුදු 150 ක් දීර්ඝ කිරීමේ පර්යේෂණ සඳහා චීනයේ ෂෙන්සෙන් හි ලෝන්වි බයෝසයන්ස් ජෛව තාක්ෂණ ආයතනය මැදිහත් වී සිටින බව පැවැසෙයි. වයස්ගතවීම මන්දගාමී කිරීම, ජානගත රෝගී තත්වයන් හඳුනාගෙන ඒවාට පිළියම් සැපැයීම ආදී ක්‍රියාකාරකම් මගින් මිනිස් ආයු කාලය වැඩි කිරීම කළ හැකි යැයි ලෝන්වි බයෝසයන්ස් ආයතනය පවසා තිබේ.