අවුන් සාන් සූ කී ගැන හෝඩුවාවක් නෑ


මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ගැන කිසිදු හෝඩුඩාවක් නැතැයි ඇගේ පුතු කිම් ඒරීස් බිය පළ කරයි.

බලයෙන් නෙරපීමෙන් පසු, චෝදනා රැසකට වරදකාරිය වී මියන්මාරයේ යැංගොන් නුවර බන්ධනාගාරගත කළ සූ කී ගැන වසර දෙකකින් කිසිදු ආරංචියක් නොමැති බව කිම් ඒරීස් පවසා තිබේ. ඒරිස් බිය පළ කර ඇත්තේ 80 හැවිරිදි තම මව මියගොස් ඇති බවය.

සූ කී බලයෙන් නෙරපා දැමුණේත්, විවිධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේත් 2021 වසරේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණයෙනි. කිම් ඒරීස් වැඩි දුරටත් පවසා ඇත්තේ තම මව හෘද රෝගියකු බවය. වසර දෙකකින්, අවුන් සාන් සූ කීගේ නීතීඥ කණ්ඩායමට පවා ඇය හමුවීමට මියන්මාර හමුදා පාලකයන් ඉඩ දී නැති බව ද කිම් ඒරීස් පැහැදිලි කර ඇත.

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ අවුන් සාන් සූ කී, විවාහ වූයේ බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යාපනඥයකු මෙන්ම ඉතිහාසඥයකු ද වන මයිකල් ඒරිස් සමඟය. ඒ 1972 දීය. යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. මයිකල් ඒරිස්, 1999 වසරේ දී මියගියේය‍.