අලි චිත්‍ර ශිල්පියා වර්ගයා වෙනුවෙන් සල්ලි හොයයි


‘නොපැක්හෝ’ හෙවත් පීටර් ඉතා දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකි. හොඳින් වර්ණ මිශ‍්‍ර කරමින්, වර්ණ ගලපමින් ඔහු අඳින චිත‍්‍රයට ඩොලර් 700 ක් (රුපියල් 91560) පමණ මිල නියම කැරයි.

වර්ණ නවයක එක් මැණික් ගලක වර්ණයක් ‘නොපැක්හෝ’ යන්නෙහි තේරුමයි. බැංකොක් නුවර අයුතායා පළාතේ සිටින පීටර් කුඩා ඇත් පැටවෙකි.

මේ චිත‍්‍ර විකුණා ලැබෙන මුදල් සියල්ලම යොදවන්නේ අලින්ට අවශ්‍ය ආහාර පාන, නාවාතැන් සහ ඔවුන්ට අවශ්‍ය විටමින් ලබා දීමට බව කියවේ.