අරගල නායකයාට ගෞරව කරන්න ජන ගඟක්


බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා බලයෙන් පහකිරීමේ ශිෂ්‍ය අරගලයේ ප්‍රමුඛ පෙළේ නායකයකු වූ ෂරීෆ් ඔස්මාන් හදීගේ අවසන් කටයුතු දස දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් ඊයේ (20) ඩකා අගනුවරදී පැවැත්විණි.

බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ නායක මුහම්මද් යුනුස්, යුද හමුදාපතිවරයා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් ඊට එක්ව සිටි බව පැවැසෙයි.

32 හැවිරිදි ෂරීෆ් ඔස්මාන් හදී ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් සිටියදී, පසුගිය සතියේ වෙඩි ප්‍රහාරයකට ලක් වී බරපතල ලෙස තුවාල ලැබුවේය. ඔහු මියගියේ සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.