අයහපත් කාලගුණය ඇමෙරිකාවේ තුනක් බිලිගනී


ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වනවිට තිදෙකු මියගොස් ඇතැයි පැවැසෙයි.

ඇමෙරිකන් වාර්තා සඳහන් කළේ ලොස්ඇන්ජලීස් නුවර ආශ්‍රිතව සහ කැලිෆෝනියාවේ දකුණු දිග ප්‍රදේශ කීපයක හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවය.

මේ වනවිට නිවාස පනස්දහසකට පමණ විදුලිය ද විසන්ධි වී ඇතැයි ද වාර්තා වේ.

අයහපත් කාලගුණයත් සමග එරට ගුවන් ගමන් 1,500කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, 5,400ක් ප්‍රමාද වී ගුවන් ගමන් ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.