
අඩුපාඩු රැසක් පැවැතියත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සකස් කළ කරුණු 28 කින් සමන්විත සාම සැලැස්මට තමන්ගේ කැමැත්ත හිමිවන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
එම සාම සැලැස්මට එකඟ වන්නේ ද නැද්ද යන්න දැනුම් දීමට ට්‍රම්ප්, යුක්රේන ජනාධිපතිවරයාට හෙට දිනය (27) තෙක් කල් දී තිබුණි. සාම සැලැස්මේ ඇතැම් කොන්දේසි ඉතා සංවේදී බවත්, ඒවා ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවත් සෙලෙන්ස්කී පෙන්වා දී ඇත.
ට්‍රම්ප් නියෝජිතයන්, සාම සැලැස්ම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ද යොමු කර ඇති අතර, පුටින් පවසා ඇත්තේ තමන් ඊට කැමැත්ත පළ කරන බවය.

