අඟහරු යන්න නාසා 10 ක් ලෑස්තියි


ඇමෙරිකාවේ නාසා ආයතනය ඔවුන්ගේ 24 වැනි ගගනගාමී කණ්ඩායම ලොවට හඳුන්වා දීම පසුගිය දා සිදු කළේය. ඔවුන්ගේ 24 වැනි ගගනගාමී කණ්ඩායම ගගනගාමීන් 10 දෙනකුගෙන් සමන්විතය.

කාන්තාවන් 6 දෙනකු සහ පිරිමින් සිවු දෙනකු ඊට ඇතුළත්ය. 2021 වසරෙන් පසු නාසා ආයතනය විසින් තෝරාගත් පළමු ගගනගාමීන් කණ්ඩායම ලෙස සැලකෙන්නේ ද මොවුන්ය.

එපමණක් නොව, මෙම පිරිස ඉදිරි වසර දෙකක කාලය තුළ පුහුණුව ලබනු ඇත්තේ අඟහරු ග්‍රහයා බලා යෑමටය. නාසා ආයතනය මෙම 10 දෙනා තෝරාගෙන ඇත්තේ 8,000 ක් අතරින් වීම ද විශේෂත්වයකි.

විද්‍යාඥයන්, ඇමෙරිකන් ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් වැනි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි.