
ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වැළඳගෙන ඔහු උණුසුම් ලෙස පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පුටින් වෙනුවෙන් විශේෂ පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය.
ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම, ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම ද රුසියන් ජනාධිපති පුටින්ගේ මෙම ඉන්දීය සංචාරයේ අරමුණ වෙයි.
රුසියන් ජනාධිපතිවරයා රැගත් ඔහුගේ විශේෂ නිල ගුවන් යානය ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ගොඩබෑ අවස්ථාවේ, මෝදි ගුවන්තොටුපොළට ගොස් පුටින් පිළිගැනීම සුවිශේෂීය සිදුවීමකි. මෝදි ගුවන්තොටුපොළට ගොස් පිළිගත් විදෙස් රාජ්‍ය නායකයන් සිටින්නේ අතලොස්සක් පමණි.
රුසියන් ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් වෙත පැමිණියේ හමුදා උත්තමාචාර මධ්‍යයේය. අග්‍රාමාත්‍ය මෝදි මෙන්ම ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ද රුසියන් ජනාධිපති පුටින් පිළිගැනීමට පැමිණ සිටියහ.

