අගමැති මෝදි දෙදිනක් ඕමානයේ


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය ඉතියෝපියා සංචාරය අවසන් කරමින් ඕමානයට පැමිණියේය. ඒ දෙදින නිල සංචාරයක් සඳහාය. මෝදි ඕමානයට පැමිණියේ, ඕමාන් සුල්තාන් හයිතාම් බින් තරීක්ගේ විශේෂ ඇරැයුමකට අනුවය.

ඕමානයේ මස්කට් අගනුවරට පැමිණ අග්‍රාමාත්‍ය මෝදි උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඕමාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම, එරට ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද වන සයීඩ් ෂහීබ් අල් තරීක් අල් සයිඩ් විසිනි.

මෙය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දෙවැනි ඕමාන සංචාරයයි. ඉන්දියාවත් ඕමානයත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් සපිරෙයි. මෝදි, ඕමානයට පැමිණීමට හේතුව එයයි. ඉන්දියාවත් ඕමානයත් අතරේ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ක්‍රියාත්මක වෙයි. 

මෝදි, ඕමානය බලා ගියේ සිය පළමු ඉතියෝපියා සංචාරය සහ ජෝර්දාන සංචාරය නිමා කරමිණි.