FIFA ලෝක කුසලානයත් ට්‍රම්ප් බාධාවක්


2026 FIFA ලෝක කුසලානය ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල පැවැත්වීමට නියමිත අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන තීරණ ඊට බාධායක් බව පැවැසෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංක්‍රමණ විරෝධී ස්ථාවරය ක්‍රියාත්මක කරමින් රටවල් 12 ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති අතර තවත් රටවල් හතකට අර්ධ වශයෙන් තහනම් පනවා ඇත.

2026 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ඇති රටවල් 42 කට, ට්‍රම්ප් විසින් තහනම් කරන ලද රටවල් ද ඇතුළත් වෙයි. හයිටි රාජ්‍යය සහ ඉරානය ඒ අතරේ සිටී.