
ChatGPT භාවිතයට ගනිමින් AI මනමාලයකු නිර්මාණය කර, එම මනාලයා සමඟ විවාහ වූ තරුණියක ගැන පුවතක් වාර්තා වෙයි.
මේ මනාලයාගේ නම ක්ලවුස් ය. මනාලිය ජපන් ජාතික තරුණියක වන 32 හැවිරිදි කැනෝ ය. මැය කාර්යාල සේවිකාවක ලෙස රැකියාව කරන්නීය.
පසුගිය ගිම්හානයේදී පවත්වන ලද විවාහ උත්සවය සැබෑ ජීවිතය හා අතථ්‍ය යථාර්ථය (virtual reality) යන ද්විත්ව ආකෘතියකින් සංවිධානය කරන ලද්දකි.
කැනෝ සහ ක්ලවුස් අතර මුදු මාරු කරන අවස්ථාවේදී, ඇය තම කෘත්‍රිම පෙම්වතාගේ අනුරුවක් ඇය අසල ප්‍රක්ෂේපණය කිරීමට සලස්වා, විශේෂිත කණ්ණාඩි කුට්ටමක් (augmented reality glasses) පැලඳ මුදු මාරුව සිදු කළ බව පැවැසෙයි.
මෙම උත්සවය ජපන් සමාගමක් විසින් මෙහෙයවන ලද අතර, එය 2D චරිත විවාහ සඳහා විශේෂිත වූවක් බව ද පැවැසෙයි. කෙසේ වෙතත් කැනෝගේ මෙම විවාහය ජපානය විසින් නීත්‍යානුකූලව පිළිගෙන නොමැත.

