2012 විශ්ව රූ රැජින කිරුළ ඇමෙරිකාවට


හැටඑක් වැනි විශ්ව රූ රැජින තරගාවලිය ඊයේ(20) ඇමෙරිකාවේ ලාස් වෙගාස්හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර 2012 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලැඳියේ ඇමෙරිකාව නියෝජනය කළ 20 හැවිරිදි සුරූපිනී ඔලිවියා කුල්පෝ ය. පිලිපීන ජාතික ජැනීන් ටුගොනොන්ට තරගයේ දෙවැනි ස්ථානය හිමි වූ අතර තෙවැනි ස්ථානය හිමි වූයේ වෙනිසුවෙලා සුරූපිනී අයිරීන් ක්වින්ටෙරෝටය.     ඒ අනුව 1997 වසරින් පසුව විශ්ව රූ රැජින ලෙස ඇමෙරිකානු යුවතියක් කිරුළු පැලැඳියේ පළමු වතාවටය.