ලංකාදීප ආලෝකයෙන් ආලෝකවත් වෙන තන්තිරිමලේ පුදබිම


 

2004 වසරේ දී විජය පුවත්පත් සමාගමේ නිලධාරීන් විසින් අතිමහත් දුෂ්කරතා මැද නිදිවර්ජිතව කිසිදු පහසුකමක් නොමැතිව සකස් කළ මෙම ආලෝක පූජා වැඩ පිළිවෙළ වසර දහනවයක් පුරා සක්‍රීයව සිදු කළේ ආයතනයේ සභාපතිතුමාගේත්, ඒ වගකීම පැවරුණු ආයතනයේ කාර්ය මණ්ඩලයේත් ශක්තිය හා ධෛර්යය නිසාය

 

විජය පුවත්පත් සමාගම 2004 වසරේ දී ‘තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ආරම්භ කළේ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් සුජීව විජයවර්ධන මහතාගේ සංකල්පයක් අනුවය. මෙම විදුලි ආලෝක පූජාව ගැන තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නා හිමියන් පවසන්නේ මෙම පූජාව වචනයෙන් කිව නොහැකි තරමේ අති උතුම් පූජාවක් බවයි.   


2004 වසරේ දී විජය පුවත්පත් සමාගමේ නිලධාරීන් විසින් අතිමහත් දුෂ්කරතා මැද නිදිවර්ජිතව කිසිදු පහසුකමක් නොමැතිව සකස් කළ මෙම ආලෝක පූජා වැඩ පිළිවෙළ වසර දහනවයක් පුරා සක්‍රීයව සිදු කළේ ආයතනයේ සභාපතිතුමාගේත්, ඒ වගකීම පැවරුණු ආයතනයේ කාර්ය මණ්ඩලයේත් ශක්තිය හා ධෛර්යය නිසාය.   

 


ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා දිවෙන මෙම පූජා භූමිය සඟමිත් මහරහතන් වහන්සේගේ පා පහසලත් පුණ්‍ය භූමියක් බව සැලකේ. සිරිමහ බෝ සමිඳු එක රැයක් වඩා හිඳුවාලු මෙම පින්බිම ප්‍රාග් ඓතිහාසික සිතුවම්වලින් යුතුය. මහ රහතුන් වහන්සේලා පරිහරණය කළ අති පෞරාණික විශාල ජල පොකුණු, සෙල් පිළිම සහ අක්කර 250ක මහා කළුගල්තලාව මස්තකයේ විස්මිත ලෙස වැඩ හිඳින අෂ්ඨඵල මහා බෝධීන් වහන්සේ ඇතුළුව මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩමවීම තෙක් දුරාතීතයකට දිවෙන පූජා භූමියකි.   


මෙවන් ඓතිහාසික වටිනාකමක් ඇති පූජනීය තන්තිරිමලේ මෙවරත් පොසොන් උදාවත් සමග එළඹෙන 13 සහ 14 දෙදින තුළ ලංකාදීප විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනු ඇත.  

 

සටහන
නදීශා අතුකෝරළ